energy.gov.au

energy-theme-default

[Sinhala/සිංහල] ඔබගේ නිවසේ බලශක්තිය සහ මුදල් ඉතිරිකර ගැනීම සඳහා කදිම අදහස් 05ක්

5 bright ideas for saving energy and money in your home

Date

විදුලිබල ගාස්තු වැඩි වන බැවින්, අප බොහෝ දෙනෙක් නිවසේ අඩු බලශක්ති ප්‍රමාණයක් භාවිත කළ හැකි ආකාර සොයා බලයි. සුභාරංචිය නම් ඔබට වියදමකින් තොරව දැන්ම කළ හැකි බොහෝ සරල දේ තිබීමයි. මේ අදහස් උත්සාහ කර බැලීමෙන් සහ එදිනෙදා පුරුද්දට කරන දේවලට යම් යම් වෙනස්කම් කිරීමෙනුත් ඔබගේ සැප පහසුවට හානියක් නොවෙන ආකාරයට මුදල් ඉතිරි කර ගන්නා අතරම, පරිසරයටද උපකාර කළ හැකිය.

  1. උණුසුම් වතුර භාවිතය අවම කිරීම

    නිවෙස්වල සාමාන්‍ය බලශක්ති බිල්වලින් සියයට 25ක් පමණ සඳහා වගකිව යුත්තේ උණුවතුර වෙයි. මෙය අඩු කළ හැකි ක්‍රම අතර ඇල්වතුරෙන් රෙදි සේදීම සහ සැලකිය යුතු රෙදි ප්‍රමාණයක් රැස්වෙන තුරු රෙදි සේදීමට සිටීම, පිඟන් කෝප්ප සෝදන යන්ත්‍රය පිරුණු පසු පමණක් භාවිත කිරීම, අඩුවෙන් වතුර ගලන වතුර මලක් (low-flow shower head) සවි කිරීම (මේ මගින් ක්‍ෂණිකව ප්‍රතිඵල ලැබේ) සහ වතුර මලෙන් නාන කාලය කෙටි කිරීම.

  2. කාර්යක්‍ෂම උපකරණ තෝරා ගැනීම

    ඔබගේ බලශක්ති බිල්වලින් තුනෙන් එකකට පමණ නිවෙසේ ඇති උපකරණ හේතු වේ. ඔබ අලුතින් ශීතකරණයක්, අධිශීතකරණයක්, රූපවාහිනී යන්ත්‍රයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, රෙදි වියළනයක්, පිඟන්කෝප්ප සෝදන යන්ත්‍රයක් හෝ වායු සමීකරණයක් මිලදී ගන්නේ නම්, බලශක්ති අනුපාත ලේබලය (Energy Rating Label) දෙස බලන්න. වැඩිපුර තරු ඇති පමණට උපකරණය මගින් භාවිත කරන බලශක්තිය අඩු වේ. වැඩි තරු සහිත මාදිලි තරමක් මිල අධික වුවද, වඩා ලාභ, අඩු බලශක්ති කාර්යක්‍ෂමතාවක් සහිත උපකරණ දීර්ඝකාලීනව වියදම් වැඩි කරවයි.

  3. උපකරණ ඥාණාන්විතව භාවිත කිරීම

    මයික්‍රොවේව්, රූපවාහිනී සහ ක්‍රීඩා කොන්සෝල ආදී උපකරණවලින් භාවිතා කරන ‘standby power’ ඔබගේ විදුලි බිල්පතෙන් සියයට 10කට වගකිව හැකිය. එහි කුඩා විදුලි බුබුලක් හෝ ඔරලෝසුවක් ඇති නම්-එමගින් බලශක්තිය උපයෝගී කෙරේ. උපකරණය භාවිත නොකරන අවස්ථාවේදී එය බිත්තියෙන් නිවා දැමීම මගින්, අවශ්‍ය නැති අමතර ශිතකරණ සහ අධිශීතකරණ බැහැර කිරීම, රෙදි වියලනය නොමැතිව රෙදි වැලෙහි දමා වේලා ගැනීම මගින් එදිනෙදා භාවිතයට යන වියදම අඩුකර ගත හැකිය.

  4. කාර්යක්‍ෂම ලෙස උණුසුම් සහ සිසිල් කිරීම

    උණුසුම් හෝ සිසිල් කිරීම එක් අංශකයකින් වැඩි කිරීම සදහා බලශක්ති භාවිතය සියයට 5 සිට 10 දක්වා ප්‍රමාණයකින් වැඩි වේ. ඔබගේ බිල් පාලනයේ තබා ගැනීම සදහා ශීත ඍතුවේදී ඔබේ උණුසුම් උෂ්ණත්වමාපක සෙල්සියස් අංශක 18-20 අතරත් ග්‍රීෂ්ම ඍතුවේදී සෙල්සියස් අංශක 25-27 අතරත් තබා ගන්න සිතා බලන්න. ඇතුළත දොරවල් වසා තැබීම මගින් සහ ඔබ විසින් භාවිත කරන කාමර පමණක් උණුසුම් හෝ සිසිල් කිරීම මගින් ඔබ විසින් භාවිත කරන බලශක්තියේ උපරිම ප්‍රයෝජන ලබාගත හැකිය.

  5. ඔබගේ නිවෙස සුළං පහරින් ආරක්‍ෂා කිරීම (Draught-proofing)

    නිවෙස සුළඟින් ආරක‍්ෂා කිරීම ඔබගේ නිවෙස පහසුවට තබාගත හැකි ලාභදායක ක්‍රමයක් වන අතර ඔබගේ උණුසුම් සහ සිසිල් කිරීමේ වියදම් අතරින් එකක් අඩුකර ගත හැකි වේ. දොරවල්, පොළොවවල්, ජනේල සහ අද්දර පටි (skirting boards) අතර හිදැස් වැසීම සහ වැලි පිරවූ හෝ රෙදිවලින් නිමකළ ‘sausage’ සුළං නැවැත්වීම (draught-stopper) සදහා තමන් විසින්ම කරගත හැකි දේවල් වේ.

දැනගැනීමට අවශ්‍ය අතර ඉතිරි කිරීමටත් අවශ්‍යද?

රජයෙන් ලබාදෙන උපකාර මෙන්ම බලශක්තිය, නාස්තිය, ජලය සහ ගමන් කිරීමේ කාර්යක‍්ෂමතාව සම්බන්ධ හෝඩුවාවන් විශාල ප්‍රමාණයක් energy.gov.au වෙබ් අඩවියෙන් ඉංග්‍රීසියෙන් ලබාගත හැකිය.